දවස් ගණනක වෙහෙසකට පසු සිංහල යතුරුලියනය හුරු කරගත්තා. හරිම අපහසුවෙන් තමයි මේ කටයුත්ත කරගත්තෙ. හොඳ වෙලාවට මේ වගේ දේවල් වලට අවශ්‍ය දැනුම සහ උපදෙස් දීලා ලියැවුන අඩවි කිහිපයක්ම තිබීම නිසා කාරිය පහසු උනා නොවේ කාරිය කෙරුනා. මෙවැනි කටයුතු ගැන උනන්දුවෙන අපේ උදවිය ඉන්න එකත් සතුටක්. නැතිනම් මගේ අඩවියත් ලියනොවෙන්න තිබුණා.
හිතේ තියෙන අදහසුත් හිතෙන දේවලුත් බෙදාගැනීමට ලැබීම හොඳ කාරනාවක්. මොකද යමක් ඉගෙන ගන්න තියෙන්නෙ ක්‍රම කිහිපයයි. තනිවම කල්පනාකර තේරුම් ගැනීම, අහලා, බලාගෙන ඉඳලා,කියවල ඉගෙනීම (අන් අයගේ අත්දැකීමෙන්) සහ තමාගේම අත්දැකීමෙන් තේරුම් ගැනීම.
මේ දේවල් මට හිතෙන දේවල් මිස එහෙමමයි කියලා කොහේවත් කියලා තියෙනවද කියන්න මම දන්නේ නැහැ. සංවාදයට එක්වන්න. වැරදි පෙන්වා දෙන්න. අර කවුද කිව්වා වගේ කතාකරනකොට ඉගෙනගන්නෙ නැහැලු.
අදහස හොඳයි, පැහැදිලි මදි! අපැහැදිලි අදහස් හිතේ පිරිලා.
ඉතාම ලස්සන අඩවි කිහිපයක් ම නෙත ගැටුනා. නිර්ව්‍යාජ මෙන්ම ව්‍යාජ අඩවිත් ජාලයට එක්වී තිබෙනවා.
හරිම සන්තෝසයෙන් කියවපු හිත්ගන්නා ආකාරයට ලියැවුන අඩවියක ඇති රසය පංකාදුයි.
කොත්තුවේ අගය කියා නිම කල නොහැකියි. අවුරුදු කිහිපයක් තිස්සේ කොත්තුව බැහැදකින මුත් සිංහල අඩවිවල සංඛ්‍යාත්මක වර්ධනයක් දුටුවේ කලාතුරකින්. සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය ද මතක් නොකර බැහැ. ගූගල් සමූහයෙන් තමයි අවශ්‍ය මෙවලම් ටික ඉල්ලා ගත්තෙ.
ඉතින් පලමු ලිපිය මෙසේ අවසන් කරනවා.
සැමට ජය!
Wednesday, May 7, 2008
Subscribe to:
Post Comments (Atom)
4 comments:
සිංහල බසින් ලියන්නට ආරම්භ කිරීම ගැන මගෙන් සුබ පැතුම්. දිගටම ලියන්න.
ජය වේවා!!!!!!!!!!!!!!!
හා හා පුරා කියලා ආපු පළවෙනි මල් පොකුර. ගොඩක් ස්තූතියි.
අද තමා කොත්තුවට ගොඩ බැස්සේ. තිබ්බ සිංහල අඩවි කීපයක සැරිසරන අතේ තමා ඔබේ අඩවියට එන්න ලැබුනේ. සිංහලෙන් ලියන්න පටන් ගත්තු එකට සුභ පතන ගමන් පටන් ගත්තු වැඩේ අතරමග නතර නොකර දිගටම කරගෙන යන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. :)
Very nice to see a sinhala blogger! In case if you are interested in downloading Sinhala Songs for free, this sitemight be usesfu.
Post a Comment